පැළ මැක්කා Stenchaetothrips biformis (වී)


හානියේ ස්වභාවය

  • උෂ්ණත්වය වැඩි ආර්ද්‍රතාවය අඩු කාළවලිදි පැතිරිම වේගවත් වේ
  • ප්‍රමාද වි වගා කල /ජලය හිග අවස්ථාවලදි පැතිරිම වේගවත් වේ
  • ලපටි පත්‍ර දික් අතට හා ඇතුල් පැත්තට රෝල් වීම සිදුවේ
  • ශාකය කුරුවේ
  • පරිණතිය පමා වේ
  • පදුරු දැමිම අඩුවේ

පාලනය

යහපත් කෘෂිකාර්මික පිලිවෙත්…

  • යාය එකවර හා කන්නයට වගා කිරිම
  • පැල ජලයෙන් යට කිරිම
  • ජලය හිග අවස්ථාවලදි ජලය අගල් 3-4 වන සේ වතුර බැද සැහැල්ලු ලී කොටයකින් හෝ අත් පොරුවකින් පැල ජලයේ ගැවෙන සේ ඇදගෙන යෑම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
තයෝමෙතොක්සාම් 70% WS 20g/500ml වතුර කවලම් කර 100kg  
ඉමිඩාක්ලෝපීඩ් 70% WS 20g/500ml වතුර කවලම් කර 100kg  
බියුප්‍රෝෆෙසීන් 250g/l SC32ml640 ml14
පයිමෙට්‍රෝසීන් 50% WG10g200 g7
ඉමිඩාක්ලෝපීඩ් 200g/l SL8 ml160 ml14
ඉමිඩාක්ලෝපීඩ් 70% WG2.5 g50 g14
තයෝක්ලෝපීඩ් 240g/l SL5 ml100 ml14
එතිප්‍රෝල් 100g/l SC16 ml320 ml14
ෆිප්‍රොනිල් 50g/l SC8 ml160 ml14
කාබොසල්ෆාන් 200g/l SC32 ml640 ml14

Shopping Cart