කුඩිත්තා (බණ්ඩක්කා,බෝංචි,අර්තාපල්,කුකබිටේසියේ,තක්කාලි,වම්බටු,කැප්සිකම්)


හානිකරන භෝගය…

  • බණ්ඩක්කා
  • බෝංචි
  • අර්තාපල්
  • කුකබිටේසියේ
  • තක්කාලි
  • වම්බටු
  • කැප්සිකම්

හානිය …

  • බෝග වල ශාක පටක කොටස් විද යුෂ උරා බීම සිදු කරයි
  • බෝග වල වර්ධනය අඩුවේ
  • වර්ධනය අක්‍රමවත් වීම
  • ලා කොළ,කහ පැහැති රැලි ගැසුනු පත්‍ර
  • අස්වැන්න අඩුවේ
  • කළු පැහැ පුස් ශාක පත්‍ර මතු පිට දක්නට ලැබිම
  • කුඹින් වර්ග ගැවසිම

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි සවස ජල සම්පාදනය කිරිම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නිරෝගී බීජ භාවිතය
  • හානිය අඩු අවස්ථාවල කොහොඹ නිස්සාරක වැනි කාබනික නිස්සාරක යොදා ගැනිම
  • හානිය අඩු අවස්ථාවල කෘමිනාශක යොදන්නේ නම් පළිබෝධකයින් සිටින ස්ථානයට පමණක් ඉසිම
  • හානිය අඩු අවස්ථාවල අතින් හෝ බුරුසුවකින් තලා දැමීම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා කෘමිනාශක (බෝග වගාවේ 33 % සෑදි ඇති විට) යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
තයෝමෙතොක්සාම් 70% WS3.5 g/Kgබීජ ප්‍රතිකාර
ඉමිඩාක්ලෝපීඩ් 70% WGබීජ ප්‍රතිකාර
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 WG4 g80 g150 g10
තයෝසයික්ලාම්  (හයි‌ඩ්‍රජන් ඔක්සලේට්) 50% SP40 g800 g1500 g14
බියුප්‍රෝෆෙසීන් 10% WP10 g200 g1500 g14
සල්ෆෝක්සාෆ්ලෝර් 50% WG5 g100 g200 g14
පයිමෙට්‍රෝසීන් 50% WG8 g160 g400 g14
බියුප්‍රෝෆෙසීන් 250g/l SC45 ml900 ml1700 ml14
කාබොසල්ෆාන් 200g/l SC32 ml640 ml1200 ml14
එත්‍රීපොල් 100g/l SC20 ml400 ml750 ml14
ඇසඩිරැක්ටීන් A-7.5g/l EC45 ml900 ml1750 ml 07
Shopping Cart