බැක්ටීරියානු කුණුවීම


හානියේ ලක්ෂණ…

  • ප්‍රධාන වශයෙන් ශාකයේ මාංශල කොටසට හානි සිදු කරයි
  • ලපටි අංකුර,පත්‍ර, ලපටි කදන් වලටද හානි සිදු කරයි
  • තෙතමනය අධික වු විට ව්‍යාප්තිය වැඩි වේ
  • අස්වැන්න නෙළු විටද හානි සිදු කළ හැක
  • දුගද හදන කුණුවීම් දැකිය හැකිය
  • බෝගයෙන් බෝගයට හානියේ ස්වභාවය වෙනස් වේ
    • අල බෝග වල අල කුණුවීම්ද
    • මිරස්,මාළු මිරිස් වල ගෙඩි කුණු වීම්ද
    • පළා වර්ග වල පත්‍ර වලටද හානි සිදු කරයි

හානිය ව්‍යාප්ත වීම…

  • පෙර වගා කරණ ලද පැරණි බෝග වලින්
  • ජලයෙන් ගසා ගෙන ඒම
  • පස් ,ගොවි උපකරණ වලින්
  • රෝගි/අසාදිත රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා කිරිම
  • පත්‍ර කා දමන කෘමීන් මගින්

හානිකරන භෝග…

  • ලීක්ස්,මිරිස්,තක්කාලි,මාළු මිරිස්,ගෝවා,කැරට්,අල,කංකුං

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • භූමිය පුරන් කිරිම(අවම මාස 6 ක්)
  • හිරු එළියෙන් පස තැම්බිම
  • පිලිස්සිම මගින් ජිවාණුහරණය
  • නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • හානිය ඇති ප්‍රදේශයෙන් පිටතට රෝපණ ද්‍රව්‍ය, පස් ප්‍රවාහනය නොකිරිම
  • උපකරණ ජිවාණුහරණය කිරිම.
  • බෝග වලට තුවාල නොවන ලෙස වගා කටයුතු සිදු කිරිම
  • පත්‍ර කා දමන කෘමීන් පාලනය
  • රෝගි ශාක උගුල්ලා පිලිස්සිම
  • රෝගි ශාකය තිබු ස්ථානයේ පස් මිටර 01 හෝ වැඩි ගැඹුර වලකට දැමීම
  • ජල වහනය දියුණු කිරිම සදහා ගැඹුරු කාණු හා උස් පාත්ති සැකසීම

Shopping Cart