බෝංචි මැස්සා (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි)


හානිකරන භෝග…

  • රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි

හානිය …

  • පත්‍ර සිදුරු කොට යුෂ උරාබීම සිදු කරයි
  • එම සිදුරු දුඹුරු පැහැ සිදුරු ලෙස දක්නට ලැබේ
  • ගැහැණු සතුන් ශාක පත්‍ර විද බිත්තර දැමීම සිදු කරයි
  • බිත්තර වලින් පිටවන කීටයින් අභ්‍යන්තර කොටස් කා දමමින් කදේ මුලට ගමන් කිරිම සිදු කරයි
  • පස මට්ටමේ කද ඉදිමීම
  • සිරස් අතට පැලීම
  • මැල වීම
  • වර්ධනය අඩු වීම
  • බෝගය මිය යෑම

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • පස කොටා පෙරලීම/හිරු එළියෙන් සති 3 පමණ පස තැම්බිම/ජලයෙන් සතියක් පමණ යට කිරිම
  • වියලි කාලවලදි සවස ජල සම්පාදනය කිරිම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • කෘමි නාශක මගින් බීජ ප්‍රතිකාර සිදු කිරිම
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
  • පලිබෝධකයින් අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම(මැයි,ජුනි කාලවලදි ගහණය උපරිම වේ)
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • හානියට ලක්වු පැල ගලවා පුළුස්සා දැමීම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
තයෝමෙතොක්සාම් 70% WS1.5g/kgබීජ ප්‍රතිකාර
කාබොසල්ෆාන් 200g/l SC48 ml960 ml1800 mlපෙර අස්වනු කාලය දින 07
Shopping Cart