දුඹුරු පැළ කීඩෑවා (වී)


හානියේ ස්වභාවය

  • දුඹුරු පැළ කීඩෑවා පත්‍ර කොපු තුල කෙසෙල් ඇවරි මෙන් දිස්වන බිත්තර තැන්පත් කරයි
  • දින 5-6 කින් පැමිනෙන ශිෂුවන් පැළයේ පාදස්ථ කොටසේ යුෂ උරා බීම සිදු කරයි
  • එම නිසා පැළ කහ වී මිය යෑම සිදුවේ
  • මුල් පරම්පරා වලදි පියාපත් නොමැති හෙයින් යාබද පැළ වලට පමණක් ව්‍යාප්ත වේ
  • එම නිසා කුඹුරු යායේ තැනින් තැන පිළිස්සුනු තැන් හදුනා ගත හැක

පාලනය

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • ප්‍රතිරෝධි ප්‍රභේද වගා කිරිම BG 352,BG 397-2
  • කන්නයට හා යාය එකවර වගා කිරිම
  • වගාව නිරතුරු පරික්ෂා කරන්න(ගොයමේ පාදස්ථ කොටස)
  • පැළ ගහණය නියමිත පරතර පවත්වා ගැනීම(පැළ සිටුවීම/නිර්දේශීත බිත්තර වී ප්‍රමාණය පමණක් යොදා ගැනීම)
  • නයිට්‍රජන් අඩංගු පොහොර වැඩි පුර නොයෙදීම
  • කුඹුරේ ජලය කපා හැර වියලීමට හැරීම(කිරිවදින අවධියේදී හැර)
  • හානිය ඇති ස්ථාන වලට පමණක් කෘමිනාශක යෙදීම
  • එකම කෘමිනාශකය දිගින් දිගට භාවිතා නොකිරීම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථා  අවස්ථාවේයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
බියුප්‍රෝෆෙසීන් 10% WP10 g200 g240 gපෙර අස්වනු කාලය දින 14
බියුප්‍රෝෆෙසීන් 250g/l SC16 ml320 ml400 mlපෙර අස්වනු කාලය දින 14
තයෝසයික්ලාම් (හයි‌ඩ්‍රජන් ඔක්සලේට්)  50%SP40 g800 g1000 gපෙර අස්වනු කාලය දින 14
පයිමෙට්‍රෝසීන් 50% WG12.5 g250 g310 gපෙර අස්වනු කාලය දින 07
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 % WG5 g100 g125 gපෙර අස්වනු කාලය දින 07
ඉමිඩාක්ලෝපීඩ් 70% WG2.5 g50 g60 gපෙර අස්වනු කාලය දින 14
ඉමිඩාක්ලෝපීඩ් 200g/l SL8 ml160 ml200 mlපෙර අස්වනු කාලය දින 14
තයෝමෙතොක්සාම් 25% WG5 g96 g120 gපෙර අස්වනු කාලය දින 14
සල්ෆෝක්සාෆ්ලෝර් 50% WG6 g120 g150 gපෙර අස්වනු කාලය දින 07
එටොෆෙන්ප්‍රොක්ස් 100g/l EC24 ml480 ml600 mlපෙර අස්වනු කාලය දින 07
එතිප්‍රෝල් 100g/l EC24 ml480 ml600 mlපෙර අස්වනු කාලය දින 14
ෆෙනෝබුකාබ් 500g/l SC56 ml1120 ml1400 mlපෙර අස්වනු කාලය දින 14
කාබොසල්ෆාන් 200g/l SC40 ml800 ml1000 mlපෙර අස්වනු කාලය දින 14
තයෝසයික්ලාම්  (හයි‌ඩ්‍රජන් ඔක්සලේට්) 4%GR25 Kgපෙර අස්වනු කාලය දින 14
ඇසෙටැම්ප්‍රිඩ් 20% SP16 g320 g400 gපෙර අස්වනු කාලය දින 14

Shopping Cart