හානිකරන බෝග…
- කුකබිට්ස්
හානිය …
- පත්‍ර වල කහ, දුඹුරු, කළු පැහැති ලප දක්නට ලැබීම
- එම කොටස් කුණු වීම හා මීය යෑම
- පැරණි වගා වලින්,අසාදිත ශාක කොටස්, ජලයෙන්,අස්වැන්න සමග ව්‍යාප්තවේ
- උණුසුම් හා තෙත් කාළවලදි හානිය වැඩි වේ
ඒකාබද්ධ පාලනය…
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝග මාරුව සිදු කිරිම
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
- ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
- රෝතය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
- කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
- වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම
- වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් කර වියළිමට හැර පිළිස්සිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
මැන්කොසෙබ් 64%+මෙටලැක්සින් 8% WP | 20 g | 400 g | 750 g | 12-14 | පෙර අස්වනු කාලය දින 14 |
මෙටලැක්සිල්-M 4% +මැන්කොසෙබ් 64% WG | 40 g | 1200 g | 1500g | පෙර අස්වනු කාලය දින 15 | |
මෙටිරාම්55%+පයිරාක්ලොස්ට්‍රොබින්5%WG | 32 g | 640 g | 1200 g | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
ප්‍රොපිනෙබ් 70% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ඇසොසිට්‍රොබීන් 250g/l SC | 16 ml | 320 ml | 600 ml | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
කැප්ටාන් 50% WP | 32 g | 640 g | 1200 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
කැප්ටාන් 80% WP | 20 g | 400 g | 750 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 60%+ඩයිමෙතොමොප් 9%WP | 80 g | 1600 g | පෙර අස්වනු කාලය දින 14 |