ගඩු මැස්සා (කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)


හානිකරන භෝගය…

  • කුකබිටේසියේ කුලය
  • ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)

හානිය …

  • කුකබිටේසියේ කුලයේ කරටි ආශ්‍රිත කදන් දිගැටි හැඩයෙන් මහත් වීම හා ඉදිමීම
  • ශාක වර්ධනය අඩු වීම
  • අස්වැන්න අඩු වීම

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
  • පලිබෝධකයින් අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම(මැයි,ජුනි කාලවලදි ගහණය උපරිම වේ)
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • හානියට ලක්වු කරටි කඩා පුළුස්සා දැමීම/තලා දැමීම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ප්‍රොෆෙනොෆෝස් 500g/l EC48 ml960 ml1800 ml14
තයෝසයික්ලාම්  (හයි‌ඩ්‍රජන් ඔක්සලේට්) 50% SP40 g800 g2000 g14
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC5 ml100 ml180 ml 3
Shopping Cart