පත්‍ර කිඩෑවා( බණ්ඩක්කා)


හානිකරන භෝගය…

  • බණ්ඩක්කා

හානිය …

  • උඩු අතට හෝ යටි අතට පත්‍ර රෝල් වීම
  • පත්‍ර සිහින් වීම
  • කහ පැහැති වීම
  • කහ පැල්ලම් ඇති වීම
  • අස්වැන්න හා වර්ධනය අඩු වීම

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි සවස ජල සම්පාදනය කිරිම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • කෘමි නාශක මගින් බීජ ප්‍රතිකාර සිදු කිරිම
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
  • පලිබෝධකයින් අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • හානියට ලක්වු පැල ගලවා පුළුස්සා දැමීම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ඇසෙටැම්ප්‍රිඩ් 20% SP46 ml320 ml600 ml14
ඇසෙටැම්ප්‍රිඩ් 200g/l SL16 ml320 ml600 ml14
තයෝමෙතොක්සාම් 25% WS5 g120 g188 g14
Shopping Cart