හානිකරන භෝගය…
- බීට් රුට්
ඒකාබද්ධ පළිබෝධ පාලනය…
- ප්‍රදේශයේ සියළු ගොවීන් එකවර වගා කිරිම
- වගාවට පසු පැරණි වගාව ඉවත් නොකර පවත්වා ගැනිම
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම(බඩ ඉරිගු,ගෝවා,කැරට් ,බතල,රාබු,පලා,කුරක්කන්)
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- කාබනික පොහොර භාවිතා කර බෝග වල දිරිය වැඩි කිරිම
- නයිට්‍රජන් පොහොර වැඩි ලෙස භාවිතා නොකිරීම
- වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
- වියලි කාලවලදි හානිය වැඩි වන නිසා ජල සම්පාදනය කිරිම(සවස් කාලයේ)
- කහ පාට ඇලෙන උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
- බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
- සුළගින් ගසාගෙන ඒම වැලැක්වීමට සුළං බාධක/ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම
- කොහොඹ බීජ නිස්සාරක යොදා ගැනිම
- තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | ගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථා | පෙර අස්වනු කාලය දින |
නිම් සිඩ් වොටර් එක්ස්ට්‍රැක්ට් | 640 g | 12 Kg | 24 Kg | 07 |
ඇබමැක්ටීන් 18g/l EC | 10 ml | 200 ml | 360 ml | 14 |
ඇසඩිරැක්ටීන් 50g/l EC | 16 ml | 320 ml | 600 ml | 07 |