ඉල් මැස්සා(කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)


හානිකරන භෝගය…

  • කුකබිටේසියේ කුලය
  • ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)

හානියේ ලක්ෂණ…

  • ලපටි ගෙඩි මතුපිට යුෂය බිදු මතුවීම(ගැහැණු සතුන් පොත්ත සිදුරු කර බිත්තර දැමීම නිසා)
  • එම ස්ථානවලින් කඩා බැලිමේදි දිගැටි සුදු බිත්තර දැකිය හැකිවේ
  • ගෙඩිවල වර්ධනය අක්‍රමවත් වීම
  • ගෙඩි කහ පැහැයක් ගැනීම
  • ගෙඩිවල ඇතුලත කුණූවීම හා තද බව අඩු වීම
  • ගෙඩි තුළ සුදු පැහැති,පාද රහිත ඉහද පණූවන් දැකිය හැකි වීම

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාව ආරම්භයේ සිටම හානියට ලක්වු ගෙඩි කඩා එකතු කර පුළුස්සා විනාශ කිරීම/ගණකම් පොලිතීන් උර වල බහා කට බැද අව්වේ වියලීම
  • අනවශ්‍ය ලෙස පැරණි වගාවන් පවත්වා ගෙන නොයෑම
  • පිටින් ගෙන එන ලද ගෙඩි මගින්(වෙළදපලෙන් මිලදි ගත් එළවළු මගින්)
  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය(මීටර 2 ක් පමණ උස්)
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • කුකබිටේසියේ කුලයේ බෝග කොටස් කෘමිනාශක සමග මිශ්‍ර කර වගාවේ තැනින් තැන තැබීම
  • සීනි ද්‍රාවන කෘමිනාශක සමග මිශ්‍ර කර වගාවේ තැනින් තැන පත්‍ර යටි අතට ඉසිම
  • ප්‍රෝටීන ඇම යොදා ගැනිම
  • ක්‍යුලියෝ අඩංගු පෙරමොන උගුල් භාවිතය
  • ඵල ආවරණය කිරිම(විනිවිද පෙනෙන පොලිතීන් මගින්)

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයපෙර අස්වනු කාලය දින
ස්පිනොසාඩ් 25g/l SC20ml+400 ml ප්‍රෝටීන් ඇමපෙර අස්වනු කාලය දින 07
Shopping Cart