මයිටාවා ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)


හානිකරන භෝගය…

  • කුකබිටේසියේ කුලය
  • ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)

හානිය …

  • බෝග වල ශාක පටක කොටස් සුරා යුෂ උරා බීම සිදු කරයි
  • හානියට ලක්වු කොටස් වල තිත්,පැල්ලම් හා අක්‍රමවත් වර්ධනයක් පෙන්නුම් කරයි
  • හානිය වැඩි වු විට පත්‍ර පිලිස්සූණූ ස්වභාවයක් ගනි
  • පත්‍ර මතු පිට දිලිසෙන ස්වාභාවයක් ගනි

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි සවස ජල සම්පාදනය කිරිම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • පලිබෝධනයින් අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම


රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ෆෙන්පයිරොක්සිමේට් 50g/l EC20 ml400 ml960 mlපෙර අස්වනු කාලය දින 07
ඇබමැක්ටීන් 18g/l EC10 ml200 ml360 mlපෙර අස්වනු කාලය දින 14
හෙක්සිතයසොක්ස් 50g/l EC30 ml600 ml100 mlපෙර අස්වනු කාලය දින 14
ඇසඩිරැක්ටීන් 50g/l EC8 ml160 ml300 mlපෙර අස්වනු කාලය දින 07
Shopping Cart