වටපණු හානිය


හානියේ ලක්ෂණ…

  • බෝගයේ වර්ධනය බාල වීම
  • කුරු වීම
  • මුල් වර්ධනය අඩුවිම
  • පොහොර වලට හා ජලයට ප්‍රතිචාර දැක්වීම අඩු වීම
  • බෝග මැල වීම
  • බෝග කහ පැහැයට හැරිම
  • ශාක මිය යෑම

හානිය ව්‍යාප්ත වීම…

  • පෙර වගා කරණ ලද පැරණි බෝග වලින්
  • ජලයෙන් ගසා ගෙන ඒම
  • පස් ,ගොවි උපකරණ වලින්
  • රෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා කිරිම

හානිකරන භෝග…

  • පේර,මුකුණුවැන්න,එලවළු බෝග

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • භූමිය පුරන් කිරිම(අවම මාස 6 ක්)
  • වගා භූමිය ජලයෙන් යට කර තැබීම(සති 03 ක්)
  • හිරු එළියෙන් පස තැම්බිම
  • පිලිස්සිම මගින් ජිවාණුහරණය
  • නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • තවාන ජිවණුහරණය හෝ පරික්ෂා කර තවාන් පැළ ආසාදනය වී ඇත්නම් විනාශ කිරිම
  • හානිය ඇති ප්‍රදේශයෙන් පිටතට රෝපණ ද්‍රව්‍ය, පස් ප්‍රවාහනය නොකිරිම
  • උපකරණ ජිවාණුහරණය කිරිම.
  • උදු ,මෑ , මුං ,බඩ ඉරිගු, කුරක්කන් , ලීක්ස් , කව්පි වැනි බෝග සමග බෝග මාරු සිදු කිරිම
  • Asteraceae(වල් සුරියකාන්ත,වතුපාලු,හුලංතලා) කුලයේ ශාක කොටස් ජලයේ සති 02 ක් පල් කර පසට යෙදීම
  • කුකුල් පොහොර පසට හොදින් කවලම් කිරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ඇබමැක්ටීන් 20g/l SC9ml ක් පැලයකට3750 mlපෙර අස්වනු කාලය දින 07
Shopping Cart