ෆයිටොප්ලාස්මා රෝග


හානියේ ලක්ෂණ…

  • ශාකයේ ලපටි කොටස්(අගිස්ස) වල රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි
  • පත්‍ර සිහින් වීම
  • පත්‍ර කුඩා වීම
  • පත්‍ර විකෘති වීම
  • වර්ධනය අක්‍රමවත්විම
  • ශාක මිය යෑම
  • අස්වැන්න නැති වීම
  • බෝගය ඉපල් අකාරයක් ගැනීම
  • මල් හා මල් අංකුර කොළ පැහැවීම


හානිය ව්‍යාප්ත වීම…

  • වාහක කෘමින් යුෂ උරා බීම මගින්(සුදු මැස්සන්,පත්‍ර කිඩෑවන්,කුඩිත්තන්)
  • පෙර වගා කරණ ලද පැරණි බෝග වලින්
  • තවානේදිම පැල වලට ආසාදනය විම
  • ගොවි උපකරණ වලින්(රෝගී ශාක යුෂ තැවරිමෙන්)
  • රෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා කිරිම
  • වියලි කාලවලදි හානිය වැඩි වේ

හානිකරන භෝග…

  • මිරිස්,මාළු මිරිස්,මිරිස්,වැටකොළු,කරවිල,බණ්ඩක්කා,වට්ටක්කා

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • වගාවට පෙර වෛරස් රෝගි අසාධිත යැයි සැක කල හැකි සියළු වල් පැල විනාශ කිරිම
  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි හානිය වැඩි වන නිසා ජල සම්පාදනය කිරිම
  • කහ පාට උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නිරෝගී බීජ භාවිතය
  • බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

Shopping Cart