කරල් විදින දළඹුවා (බඩ ඉරිගු, කුරක්කන්,සොගම්)


හානිකරන භෝගය…

  • බඩ ඉරිගු
  • කුරක්කන්
  • සොගම්

හානියේ ලක්ෂණ…

  • කීටයින් පත්‍ර අංකුර ,පුෂ්ප ,කරල් හා ඵල විද ඒවාට හානි කිරිම සිදු කරයි(රාත්‍රි කාලයේදි සක්‍රිය වීම වැඩිය)
  • හිස හා කදේ කොටසක් කරල් හෝ ඵල තුල රැදෙන ලෙස සිට හානිය සිදු කරයි
  • හානියට ලක්වු ස්ථාන වල සිදුරු දක්නට ලැබේ

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • දළඹුවන් අල්ලා විනාශ කිරිම
  • හානියට ලක්වු කොටස් වගාවෙන් ඉවත් කර විනාශ කර දැමීම
  • බිම් සකස් කිරිමේදි පස හොදින් පෙරලීම
  • වල් පැළැටි පාලනය

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
එටොෆෙන්ප්‍රොක්ස් 100g/l EC24 ml480 ml900 ml7
නොවැලියුරෝන් 100g/l EC16 ml320 ml600 ml14
තයෝඩිකාබ් 375g/l SC32 ml640 ml1200 ml14
Shopping Cart