දීලිර රෝග-මූල මණ්ඩලයට හානි කිරිම


හානියේ ලක්ෂණ…

  • ආසාධනය ඇති කරන දිලිර වර්ග Rhizoctonia spp, Phytophthora spp,Sclerotium spp,Fusarium spp,Pythium spp
  • කදේ පාදස්ථය සිහින් විම, දුඔුරු පැහැවිම,සුදු පැහැ දිලිර ජාල තිබිම
  • කදේ පාදස්ථය පැළු විට දුඹුරු පැහැති දික් අතට විහිදුනු ඉරි තිබිම
  • දුර්වල පැල ඇතිවිම
  • බෝග මැල වීම
  • ශාක මිය යෑම
  • පැල කඩා වැටිම
  • පැල වල වර්ණය ලා කොල හෝ ලා කහ පැහැති විම
  • පොහොර ජල ප්‍රතිචාර අඩුවිම
  • මුල් වර්ධනය අඩු විම

හානිය ව්‍යාප්ත වීම…

  • පෙර වගා කරණ ලද පැරණි බෝග වලින්
  • පැරණි බෝග මුල් වලින්
  • දුර්වල ජලවහන තත්ව පැවතිම
  • නිසිලෙස දිරාපත් නොවු කාබනික පො‌හොර භාවිතය
  • තවානේදිම පැල වලට ආසාදනය විම
  • ජලයෙන් ගසා ගෙන ඒම
  • පස් ,ගොවි උපකරණ වලින්
  • රෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා කිරිම

හානිකරන භෝග…

  • වම්බටු,මිරිස්,තක්කාලි,මාළු මිරිස්

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • භූමිය පුරන් කිරිම(අවම මාස 4 ක්)
  • හිරු එළියෙන් පස තැම්බිම
  • පිලිස්සිම මගින් ජිවාණුහරණය
  • නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • තවාන ජිවණුහරණය හෝ පරික්ෂා කර තවාන් පැළ ආසාදනය වී ඇත්නම් විනාශ කිරිම
  • හානිය ඇති ප්‍රදේශයෙන් පිටතට රෝපණ ද්‍රව්‍ය, පස් ප්‍රවාහනය නොකිරිම
  • උපකරණ ජිවාණුහරණය කිරිම.
  • රෝගි ශාක වල මුලට දිලිර නාශක යෙදිම
  • ජල වහනය දියුණු කිරිම සදහා කාණු හා උස් පාත්ති සැකසීම
  • පසේ pHඅගය 5.5-6 දක්වා වැඩි කිරිම(අළු හුණු ඒක් කිරිම
  • මුලට ,කද පාදස්ථාන තුවාල විම වැලැක්විම
  • නිරෝගි බීජ යොදා ගැනිම හා දිලීර නාශක වලින් බීජ ප්‍රතිකාර සිදු කිරිම

Shopping Cart