හානිකරන භෝගය…
- බණ්ඩක්කා
- බෝංචි
- අර්තාපල්
- කුකබිටේසියේ
- තක්කාලි
- වම්බටු
- කැප්සිකම්
ඒකාබද්ධ පළිබෝධ පාලනය……
- සියළු ගොවීන් එකවර වගා කිරිම
- වගාවට පසු පැරණි වගාව ඉවත් නොකර පවත්වා ගැනිම
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම(බඩ ඉරිගු,ගෝවා,කැරට් ,බතල,රාබු,පලා,කුරක්කන්)
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- කාබනික පොහොර භාවිතා කර බෝග වල දිරිය වැඩි කිරිම
- කහ පාට ඇලෙන උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
- බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
- සුළගින් ගසාගෙන ඒම වැලැස්විමට සුළං බාධක/ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම
- තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ඉමිඩාක්ලෝපීඩ් 70% WG | 2 g | 2g/3.5Kg | බීජ ප්‍රතිකාර | |
ඉමිඩාක්ලෝපීඩ් 70% WG | 2 g | 60 g | 14 | |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 % WG | 4 g | 80 g | 150 g | 14 |
තයෝසයික්ලාම් (හයිඩ්‍රජන් ඔක්සලේට්) 50% SP | 40 g | 800 g | 1500 g | 14 |
සල්ෆෝක්සාෆ්ලෝර් 50% WG | 5 g | 100 g | 200 g | 14 |
පයිමෙට්‍රෝසීන් 50% WG | 8 g | 160 g | 300 g | 14 |
බියුප්‍රෝෆෙසීන් 25% SC | 45 ml | 590 ml | 1500 ml | 14 |
ෆිප්‍රොනිල් 50g/l SC | 16 ml | 320 ml | 600 ml | 14 |
ඇසඩිරැක්ටීන් 50g/l EC | 16 ml | 320 ml | 600 ml | 07 |
ඇසඩිරැක්ටීන් -A 7.5 g/l EC | 45 ml | 900 ml | 1750 ml | 07 |