පැළ මැක්කා (ළුෑණු)


හානිකරන භෝගය…

  • ළුෑණු/ලූනු
  • පැරණි වගාවල සිට හෝ සුළගින් ගසා ගෙන ඒම සිදු වේ

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • ප්‍රදේශයේ සියළු ගොවීන් එකවර වගා කිරිම
  • වගාවට පසු පැරණි වගාව ඉවත් නොකර පවත්වා ගැනිම
  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම(බඩ ඉරිගු,ගෝවා,කැරට් ,බතල,රාබු,පලා,කුරක්කන්)
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • කාබනික පොහොර භාවිතා කර බෝග වල දිරිය වැඩි කිරිම
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි හානිය වැඩි වන නිසා ජල සම්පාදනය කිරිම(සවස් කාලයේ)
  • කහ පාට ඇලෙන උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
  • සුළගින් ගසාගෙන ඒම වැලැස්විමට සුළං බාධක/ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ෆිප්‍රොනිල් 50g/l SC16 ml320 ml400 ml14
ඉමිඩාක්ලෝපීඩ් 200g/l SL16 ml320 ml400 ml14
තයොක්ලෝප්‍රීඩ් 240 g/l SC16 ml320 ml400 ml14
Shopping Cart