හානිකරන භෝග…
- බණ්ඩක්කා,බෝංචි,අර්තාපල්,කුකබිටේසියේ,තක්කාලි,වම්බටු,කැප්සිකම්
- පැරණි වගාවල සිට හෝ සුළගින් ගසා ගෙන ඒම සිදු වේ
ඒකාබද්ධ පළිබෝධ පාලනය…
- ප්‍රදේශයේ සියළු ගොවීන් එකවර වගා කිරිම
- වගාවට පසු පැරණි වගාව ඉවත් නොකර පවත්වා ගැනිම
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම(බඩ ඉරිගු,ගෝවා,කැරට් ,බතල,රාබු,පලා,කුරක්කන්)
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- කාබනික පොහොර භාවිතා කර බෝග වල දිරිය වැඩි කිරිම
- වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
- වියලි කාලවලදි හානිය වැඩි වන නිසා ජල සම්පාදනය කිරිම(සවස් කාලයේ)
- කහ පාට ඇලෙන උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
- බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
- සුදු මැස්සන් සුළගින් ගසාගෙන ඒම වැලැස්විමට සුළං බාධක/ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම(පත්‍රයක සුදු මැස්සන් 12 ක් ඉක්මවන විට)
- තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ඉමිඩාක්ලෝපීඩ් 70% WG | බීජ ප්‍රතිකාර | |||
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20% WG | 4 g | 100 g | 200 g | පෙර අස්වනු කාලය දින 10 |
තයෝසයික්ලාම් (හයිඩ්‍රජන් ඔක්සලේට්) 50% SP | 40 g | 1000 g | 1500 g | පෙර අස්වනු කාලය දින 14 |
බියුප්‍රෝෆෙසීන් 10% WP | 10 g | 190 g | 375 g | පෙර අස්වනු කාලය දින 14 |
බියුප්‍රෝෆෙසීන් 250g/l SC | 45 ml | 590 ml | 1500 ml | පෙර අස්වනු කාලය දින 05 |
සල්ෆෝක්සාෆ්ලෝර් 50% WG | 5 g | 100 g | 200 g | පෙර අස්වනු කාලය දින 14 |
පයිමෙට්‍රෝසීන් 50% WG | 8 g | 160 g | 300 g | පෙර අස්වනු කාලය දින 14 |
ඇසඩිරැක්ටීන් 50g/l EC | 16 ml | 320 ml | 600 ml | පෙර අස්වනු කාලය දින 07 |
එත්‍රීපොල් 100g/l SC | 20 ml | 400 ml | 750 ml | පෙර අස්වනු කාලය දින 14 |
ඇසඩිරැක්ටීන් -A 7.5 g/l EC | 45 ml | 900 ml | 1750 ml | පෙර අස්වනු කාලය දින 07 |